වළගම්බා
රජතුමා
ක්‍රි.පූ.103
- ක්‍රි.පූ.77 දක්වා
අගනගරය
- අනුරාධපුර
ශ්‍රී ලංකාව එක්සේසත් කළ විහාරමහාදේවි පරපුරෙන්
පැවත එන රජ පෙළපතකට උරුමකම් කියන රාජ පුතෙකි. දුටුගැමුණු මහරජතුමාගේ සොහොයුරු
සද්ධාතිස්ස රජුගේ බාල පුතු වළගම්බා හෙවත් වට්ටගාමිණී අභය වේ. තම්බපණ්ණිය නොහොත් ශ්‍රී
ලංකාද්වීපය එක්සේසත් කිරීමේදී වැඩිම අභියෝග ගණනාවකට මුහුණ දුන් රජවරුන් අතරට එක්වන
තවත් සුවිශේෂී රජ කෙනෙකි. විජාතිකයින්ගෙන් පමණක්
නොව රට ස්වයංපෝෂිත කිරීම, බුදුදහම රැක ගැනීම ඇතුළු
අභියෝග රාශියකට එකවර පිළියම් සෙවීමට වළගම්බා රජතුමාට සිදු විය. ඛල්ලාටනාග රජුගෙන්
පසුව වට්ටගාමිණී රජ කිරුළ පළඳින්නේ ඉතිහාසයේ තුන්බියක් පවතින පාලන සමයකයි.
මෙකල
ලංකාව ජෛන ආගම සහ වෙනත් ආගමික විශ්වාසයන් පැවති තවත් එක් රාජ්‍යයක් විය.එම නිසාම
විවිධ ආගමිකයෝ රාජ්‍යත්වයට පත් වීමට කුමන්ත්‍රණ
කරමින් සිටි එක්තරා යුගයකි.ඉතාමත් තීක්ෂණ සහ ස්ථානෝචිත ප්‍රඥාවක් ඇති
රජතුමා මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත්තේ මෙසේය.රාජ්‍ය බලයට එක්වීමට
කෑදරකමින් සිටින දෙපාර්ශවය අතර ගැටුමක් ඇති වී ඔවුනොවුන්ට යුධ කිරීමට අවස්ථාව ලබා
දෙන ලදී.
තීය
බ්‍රහ්මණයා ඇතුළු පිරිස සහ දමිළ ආක්‍රමණිකයන් මෙසේ යුධ වදිද්දී රජතුමා අනුරාධපුරය
අතහැර දමා කඳුකරයට පලායන ලදී.එසේ යද්දී පණ්ඩුකාභය රජ වූ තැන උතුරු දොරටුව අසළ සිටි
ජෛන පූජකයෙක් රජතුමා පලා යනු දැක “ මහා කලු සිංහලයා පලා යනවා“ යැයි මහා හඬින් කෑ
ගැසීය.වළගම්බා රජු වහා තීරණය සුළු රජෙකු වූවද මෙම ප්‍රකාශය ඇසුණත් ආපසු නොබලා පලා
යෑමම සිදු කරන ලදී.එම අවස්ථාවේදී රජතුමා සිතින් සිතා සිටියේ “ මඟේ රාජ්‍යයට මම
නැවත පැමිණිවිට මෙම ස්ථානයෙහි ආරාමයක් කරමි“ යන්නයි.
සිංහල
දේශයත් , රජකිරුළත් රැක ගැනීමේ අදිටනින් යුතු වූ රජතුමා දුෂ්කර ගමනක් මෙසේ ආරම්භ
කරන ලදී.ගමන කොතෙක් දුෂ්කර වූවද ගමනාන්තයට කිසිඳු උපද්‍රවයකින් තොරව ළඟා වීමේ
අරමුණ රජුට තිබුණි.එහෙත් නොසිතූ ලෙස ඔවුන් පලා යමින් සිටි අශ්ව කරත්තයට තම රජ
පවුලේ බර දරාගත නොහැකි විය.මෙසේ දරාගත නොහැකි බර වූ කරත්තය ගමන් කරන වේගය ක්‍රමක්‍රමයෙන්
අඩුවන බව සෝමාදේවියට තේරුම් ගියාය.තව තවත් තම කරත්තයේ වේගය අඩු වන සැටි ඉවසාගත
නොහැකිව රජ බිසව තම ස්ථානෝචිත ප්‍රඥාව යොදා ගෙන එම අශ්ව කරත්තයෙන් පැන්නේ රජුට
මෙන්ම තම දේශයට තිබුණු ආදරය නිසාය.රටක රජු ආරක්ෂා වී සිටීම මත රාජ්‍යයේ ස්ථාවර බව
පවතින බව සෝමා දේවිය හොඳින් දැන සිටියාය.එවැනි වීර ක්‍රියාවක් සෝමා දේවිය අතින්
එදා සිදු නොවුණා නම් සිංහල රාජ්‍යයේ විශාල වෙනසක් වීමට පැවති ඉඩකඩ බොහෝමය.මෙම
කාරණයේදී අප උගත යුතු අනෙක් පාඩම නම් සෝමාදේවිය තම ස්වාමිපුරුෂයාට මෙන්ම තම රටට
ජාතියට මහත්සේ ආදරය කළ රජ බිසවක් බවයි.
මෙසේ
රටට පණ දුන් සෝමාදේවිය ද්‍රවිඩයන්ට හසුවෙද්දී වළගම්බා රජු මලය දේශයට පලා යනවා.ඒ
අතරතුර ද්‍රවිඩ කුමාරවරුන්ගෙන් කෙනෙක් සෝමාදේවිය රැගෙන ඉන්දියාවට යද්දී තවත් අයෙක්
බුදුහාමුදුරුවන්ගේ පාත්‍ර ධාතුව අරන් ඉන්දියාවට යනවා.
මෙසේ
මලය රටට පලා ගිය වළගම්බා රජුන් වසර 14කුත් මාස 7ක් එම දේශයේ ඉඳන් රට බේරාගන්න
සැලසුම් හදන කාලයේ පුලහත්ථ, බාහිය, පණයමාර, පිළියමාර හා දාඨක යන ද්‍රවිඩ නායකයින්
පිළිවෙලින් අපේ රටේම රජකම් කරනවා.ඔවුන් මෙසේ රජකම් කරද්දී සිංහල නායකයින් ,පැවිද්දන්
මරා දමනු ලැබූයේ ඉතා කෘර ලෙසටය.මෙය තව දුරටත් ඉවසා ගත නොහැකිව සිටි කුපික්කලතිස්ස
කියන හාමුදුරුවෝ සිවුරෙන් මිදී රජුට එක්වී රට ගොඩගන්න රටේ ජනතාව සංවිධානය කිරීමේ
මහඟු වීරක්‍රියාවට දායක වෙනවා.
මෙලෙස
සංවිධානගත වූ රටේ ජනතාව රජු හා එක්ව සටනකට සූදානම් වෙනවා.අවසන් මහා සටනින් ද්‍රවිඩ
නායකයින්ගේ අවසානතම පාලකයා වූ දාඨකව පරද්දලා දෙවන වරටත් වළගම්බා රජු සිංහල දේශයේ
රජු විදිහට කිරුළු පළදිනවා.
නැවත
රාජ්‍යත්වය හිමිකරගත් රජතුමාගේ මූලික කාර්යයභාරය වූයේ නැවත සෝමාදේවිය ලංකාවට
ගෙන්වා ගැනීමයි.ඉතිහාසයේ සඳහන් පරිදි වළගම්බා රජු සෝමා දේවියත්, බුදුරජුන්ගේ පාත්‍රධාතුවත්
නැවත ලංකාවට ගෙන්වා ගනු ලබනවා.
තවත්
විශේෂත්වයක් නම් ගිරිනිඝණ්ඨයා විසින් රජුට කෑ මොර දුන් තැන නිගණ්ඨයාගේ මුල්
නමත්(ගිරි), රජුගේ අග නමත් (අභය) යොදාගෙන අභයගිරිය කියන ස්ථූපය ගොඩනංවනවා.මෙයඅවසානයේදී
කෘතගුණ සැළකීම නිමිතිකොටගෙන කුපික්කලතිස්ස හාමුදුරුවන් නැවත සසුන්ගත කර එම
හාමුදුරුවන්ට පූජා කරනවා.මෙය මහා වංශයේ සඳහන් වන්නේ පෞද්ගලික ආරාම පූජාවක්
ලෙසයි.නමුත් මාගේ පෞද්ගලික හැඟීම නම් රට නැවත ගොඩනැංවීමට ශාස්තෘන්වහන්සේනමක්
උරෙනුර ගැටුණ නිසා තව තවත් එවැනි හාමුදුරුවන් වහන්සේලා බිහි කිරීමට තෝතැන්නක් ඇති
කිරීම උදෙසා මෙය පෞද්ගලිකව පූජා කර ඇති බවය.එමෙන්ම මෙය හුදෙක් එක් හාමුදුරුවන්
වහන්සේ නමකට නොව කුපික්කලතිස්ස හාමුදුරුවන් හා එම තෙරුණ් සමඟ පැමිණි සියළු
හාමුදුරුවන් වහන්සේලාට මෙය උරුම විය.රජු විසින් රජුගේ ධනයෙන් මෙය ගොඩනැංවූවත් රටේ
අභිවෘද්ධිය උදෙසා රට, ජාතිය, ආගම නමින් පූජා කිරීමක් ලෙස මෙය හැඳින්විය හැකිය.
එය
තවදුරතේ සාක්ෂාත් කර ගැනීමේ හැකියාව අපට ලැබෙන්නේ මාතලේ අළු විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ
කිරීම නිසාය.බෞද්ධයාගේ අත්පොත බඳුවූ ත්‍රිපිටකය අපට හිමිවන්නේ මෙම රජතුමා
මූලිකව සිදු කරන ලද මෙම උතුම් කටයුත්ත
නිසාය.