වසර 27ක් රජකම් කරන ලද මහසෙන් රජතුමා රාජ්‍යත්වයට
පත් වන්නේ ක්‍රි.ව.236 දීය.මහසෙන් රජතුමා ගෝඨාභය රජතුමාගේ කණිටු පුත්‍රයාය.මහාවංශය
මහසෙන් රජුගේ පාලන කාලයෙන් අවසන් වන අතර මහසෙන් රජුගේ පුත්‍රයා ඇතුළුව එයින් පසුව
රජකම් කළ රජවරුන් මහාවංශයේ දෙවන කොටසට අයත් වන අතර ඇතැම් වියත්හු මහාවංශයේ දෙවන
කොටසට අයත් රජවරුන් චූලවංශයේ රජවරුන් ලෙසින්ද හඳුන්වයි.ශ්‍රී ලංකාවේ රජකම් කළ
කාර්යයශූර රජවරුන් අතර, මහසෙන් රජතුමාට හිමිවන්නේ සුවිශේෂි තැනකි.
කෙතරම් කාර්යයෙහි සූරයෙකු වූවද රජතුමාගේ මුල්
කාලයේදී රට වැසියන්ගෙන් මෙන්ම සංඝයා වහන්සේලාගෙන්ද ලැබුණේ අපකීර්තියයි.එයට හේතු
පාදක ලෙස දැකගත හැකි ප්‍රධානතම කරුණ වන්නේ මහාවිහාරයට එරෙහිව කටයුතු
කිරීමය.මහාවංශය හඳුන්වන ආකාරයට මහසෙන් රජු හොඳ වැඩ සේම නරක වැඩද කරන ලද රජ කෙනෙකි.
මහාවිහාරවාසී භික්ෂූන්ට එරෙහිව මහසෙන් රජතුමා ක්‍රියාකිරීමට
හේතුව වන්නේ රජු කුඩා අවධියේ අධ්‍යාපනය ලැබුයේ වෛකුල්‍යවාදි භික්ෂුවකගෙන් වීමයි.එම
භික්ෂුව අභයගිරි භික්ෂුවක් බැවින් සත්‍යවශයෙන්ම විනයවාදී භික්ෂූන්ලා අභයගිරි
භික්ෂූන්ලා බව පසක් කිරීම උදෙසා එම භික්ෂුව ක්‍රියා කරන ලදී.වෛකුල්‍යවාදී සංඝමිත්ත
භික්ෂුවගේ දැඩි මතය වූයේ ථෙරවාදයේ තෝතැන්න වූ මහාවිහාරවාසී භික්ෂූණ් වහන්සේලා
අවිනයවාදී බවමය.මහසෙන් රජුගේ සොයුරු දෙටුතිස් රජුගේ ගුරුවරයා වූවේද මෙම
භික්ෂුවමය.නමුත් දෙටුතිස් රජු මෙවැනි සංඝභේදය ඇති කරවන මතධාරීයෙකුට රැවටීමට නොහැකි
නිසා මෙම සංඝමිත්ත භික්ෂුව ක්‍රි.ව.267 සිට 276 දක්වා ඉන්දියාව තුළ රැඳී සිටියහ.
කරුණු එසේ තිබියදීම දෙටුතිස් රජු ක්‍රි.ව.276
අභාවයට පත් විය.ඒ සමඟම රජකමේ හිමිකම තිබුණේ මහසෙන් රජුන් හටය.තම ප්‍රියතම ගෝලයා රජ
වූ පුවත දැනගත් වහාම සංඝමිත්ත භික්ෂුව යළි ලක්දිවට වැඩම කළේය.මෙහිදී විද්‍යාමාන වූ
රජුගේ තවත් දුර්වලතාවයක් වන්නේ රජකම් කළද නිවැරදි ලෙස තේරුම්ගැනීම නොමැතිකම හා
ඉක්මණින් කිපෙනසුළුගතිය නිසා ඉක්මණින් රැවටීමටද හැකියාව ඇති බවය.එපමණක්ද නොව
රජතුමාගේ රාජ්‍යාභිෂේකය පවා සිදුවූයේ
අභයගිරි භික්ෂූන්ගේ විශේෂ අනුග්‍රහය ඔවුනට අවැසි පරිදිය.ඒ තුළින් ඔවුන්ගේ අභිප්‍රාය
වූයේ අභයගිරි භික්ෂූණ්ට පක්ෂව කටයුතු කිරීමට උනන්දු කරවීමය.
මහසෙන් රජුද එම කුමන්ත්‍රණ වලට හසු වී මහා
විහාරවාසී භික්ෂූණ් හට දානයක් හෝ නොදී අසුවුණොත් රන්මසු දහසක දඩයක් ගසන බවටද රාජ්‍ය
ආඥාවක් පවා පනවන ලදී.මෙම පුවත ඇසූ බොහෝ මහාවිහාරවාසී භික්ෂූණ්ලා මිහින්තලවාසී
භික්ෂූණ් වහන්සේලා තම පන්සල් අතැර දමා රුහුණු රටට, මලය රටට හා කන්ද උඩරටට වැඩම කරන
ලදී.අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් අභයගිරි භික්ෂූණ් වහන්සේලා මිහින්තලා විහාර භූමිය
තමන් සතු කර ගත්තේය.මිහින්තලාවට එසේ වෙද්දී මහාවිහාර භූමිය හුදෙකලා විය.එහිදී සිදු
වූයේ තවත් විපතක්ය.එනම් එසේ අතැර දමා ඇති පාලු භූමි රජුගේ දේපළ යැයි කියමින් එම
භූමිය තුළ ඇති ගොඩනැඟිලි කඩා බිඳ දමමින් අභයගිරි ගොඩනැඟිලි සංවර්ධනය කරවූයේය.
මහාවිහාර භූමියේ ඉතිහාසය වන්නේ දේවානම්පියතිස්ස
රජු බුදුදහම වැළඳගෙන ඒ දහම නිසා සිත පැහැදුණු බැවින් බුද්ධ ශාසනයට පූජා කරන ලද
භූමියයි.අදටද මහමෙවුනාවේ ඇති සියළුම භූමියන් මෙම මහාවිහාර භූමිය සතු වේ.
දේවානම්පියතිස්ස රජ දවස පටන් බෞද්ධයාගේ හදවත වන
මහාවිහාර භූමිය අතීතයේ සිටම ථේරවාදී බුදුදහමේ තෝතැන්නද විය.එවන් වටිනාකමක් ඇති මහාවිහාරවාස තුළ උඳු වැපිරීම, සංඝයා වහන්සේලාට දන්දීම තහනමට
ලක්කිරීම එකල රටවැසියා ඉවසා සිටියේ නැත.මෙම විපත තව දුරටත් ඉවසා ගත නොහැකිව
රටවැසියා කැරළි ගසන්නට සහ රජුට විරුද්ධව නැඟී සිටීමට කතිකා කරගත්තේය.
මෙහි අපූර්ව සිද්ධිය වන්නේ රටවැසියා සමඟ රජුට
විරුද්ධව කැරළි ගැසීමට පෙරමුණ ගත්තේ රජු බාල අවධියේ සිටම එනම් වැලි කෙළියේ සිටම
රජුගේ කළණ මිතුරා වන රාජ සභාවේ ඇමතිවරයෙකු වන මේඝවර්ණ අභය ඇමතිතුමන්ය.කෙසේ වෙතත්
මෙලෙස තමන්ට විරුද්ධව අවි එසවීමට සිටින මේඝවර්ණ අභය ඇතුළු පිරිස මැඩලීමේ අරමුණින්
යුතුව රජුගේ කැරලිකරුවන්ද පසුබට වූයේ නැත.
කෙසේ වෙතත් තිසා වැවෙහි එක් පෙදෙසක රජු ඇතුළු
රජුට සහය වන පිරිසද, අනෙක් පෙදෙසේ මේඝවර්ණ අභය ඇමතිවරයා සහ ඔහුගේ පිරිසද කඳවුරු
බැඳ ගත්තේය.
මේ අන්දමින් දෙපාර්ශවයම කඳවුරු බැඳ යුද්ධයකට
සැරසෙද්දී යුද්ධයට පෙර දවසේදී දෛවෝපගත
සිදුවීමක් සිදු විය. එනම් හෙට දින යුද්ධ කරන්නේ කවුරුන් හට එරෙහිවද යන්න මේඝවර්ණ
අභය ඇමතිවරයාට සිහිපත් වීමයි.මේඝවර්ණ අභය ඇමති මෙම පත්වීමට හේතුව වූයේද මොවුන්
දෙදෙනා අතර තිබූ කළණ මිතුරුදමයි.රෑ මැදියම තෙක් කල්පනා කළ මේඝවර්ණ අභයගේ දෑස්වලින්
කඳුළු කැට කඩා වැටුණේ තම මිත්‍රත්වය නිසා පාප ක්‍රියා සිදුකරන තම මිතුරු මහසෙන්ට
සිදු වූ අනිටු විපාක මතක් වීම නිසාය.එහිදී තවත් අපූරු සිදුවීමක් සිදු විය.එනම් මලය
රටින් ගෙන ආ ප්‍රනීත වූ පානයක් හා මාංසයක් මේඝවර්ණ ඇමතිහට ලැබීමය.එය තවත් පෙර
මිතුරු ඇසුර සිහි කරවන හේතුවක් විය.පෙරදී නම් මෙලෙස ප්‍රනීත ආහාරයක් ලද විට තමන්
එහි රස විඳ ගත්තේ මහසෙන් රජු හා විම ඊට හේතු පාදක විය.එසැණින් මේඝවර්ණ ඇමතිවරයා
තීරණයක් ගත්තේය.මෙම ප්‍රනීත ආහාරයද රැගෙන රජු මුණ ගැසීමට ගොස් රහසේම රෑ මැදියම
ගියේය.මෙසේ නිරායුධව පැමිණි මේඝවර්ණ දුටුවිට රජුට චකිතයක් ඇති වූවද ඒ සමඟම තම
මිතුරාත් සමඟ කෙළිදෙළින් සිටි අතීතය සිහි විය.ඉන් පසුව මේඝවර්ණ රැගෙන ආ ප්‍රනිත ආහාරය
දෙදෙනාම ඉතා සතුටින් භුක්ති වින්දේය.එහිදී රජතුමා තමන් හට විරුද්ධව මෙලෙස කැරලි
ගැසීමට හේතු විමසා සිටියේයෙ
මේඝවර්ණ ඇමතිතුමන් රජු හට කරුණු ඉතා පැහැදිලිව
තේරුම් බේරුම් කිරීමට සමත් වූයේය.එම නිසා රටතුළ ඇතිවීමට ගිය මහා විපතක් වැළැක්වීමට
දෙදෙනාටම හැකි විය.අවසානයේදී රජුට තමා අතින් සිදු වූ මහා ව්‍යසනයක තරම වැටහිණ.
ඒ අනූව තමා විසින් කඩා බිඳදැමූ මහා විහාර භූමිය
ගොඩනැඟීමටත්, මහාවිහාරවාසී භික්ෂූන්ට දන් නොදෙන ලෙස පනවා තිබූ නීති ඉවත් කිරීමටත්
තමන් විසින් විනාශ කරන ලද බොදු ග්‍රන්ථ රාජ්‍ය අනුග්‍රහය යටතේ නැවත ලේඛනගත කිරීමටත්
එවෙලෙහිම පොරොන්දු දුන්නේය.
එම පොරොන්දු මත සිත පහදවා ගත් මේඝවර්ණයන් සැනින්
තම කඳවුර වෙත ගියේය.පසුදා ඇමතිවරයාගේ සහ රජුගේ පාර්ශවයන් බලා සිටියේ යුද්ධයට අණ
ලැබෙන තුරුය.නමුත් සාමයක් මිස යුද්ධයක් සිදු වූයේ නැත.පෙරදා රාත්‍රියෙහි සිදු වූ
සියළු සිදුවීම් මහජනයාට සහ කැරළිකරුවන්ට දැනුම් දෙමින් යුද්ධය අවලංගු කිරීමේ හේතු
ප්‍රසිද්ධ කරන ලදී.ඒ අනූව මහජනතාව රටපුරා ප්‍රීතිඝෝෂා පවත්වන ලදී.
මෙලෙස ක්ෂණයකින් වෙනස් වන මහරජුගේ තීරණ
පිළිබඳ මහාවිහාරවාසී භික්ෂූණ් වහන්සේලා
එතරම් විශ්වාස කළේ නැත.නමුත් මහරජු මහාවිහාරවාසී භූමිය තුළ ලෝකයේ දැනට ඇති ගඩොලින්
නිම කරන ලද විශාලම චෛත්‍යය වන ඡේතවනාරාමයද ඉදි කරවන ලදී.එහිදීද මහාවිහාරවාසී
භික්ෂූණ් වහන්සේලා මහාවිහාරය අතහැර
දැමුයේය.නැවතත් මහාවිහාර භූමියට වැඩම කළේ ඡේතවනාරාමයෙහි වැඩ නිම වූ පසුවය. කෙසේ
වෙතත් රජතුමා පසු කලෙක බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා තව තවත් වෙහෙර විහාර
ගොඩනැංවීය.
එපමණක්ද නොව රවේ වාරි කර්මාන්තය තුළ කැපී පෙනෙන
ලෙස වාරි තාක්ෂණය භාවිතා කරමින් වැව්
අමුණු දහස් ගණනක් ඉදි කරවීය.
මෙකල රටේ
ආර්ථිකය හොඳ මට්ටමක තිබුණද වර්තමානයටත් වඩා ආත්‍රමණික බලපෑම් වැඩි වූ
බැවින් බෞද්ධ ධර්මයට එතරම් හොඳ කාලයක්ව නොපැවති බවට නම් කිසිඳු සැකයක් නැත.කෙසේ
වෙතත් අඳුරුවෙමින් පවතින බුදු දහමට ආලෝකයක් එක් කිරීමට මහසෙන් රජුට හැකියාව
ලැබුණි.
ඒ වගේම කෘෂිකර්මය දියුණු කිරීමෙහි ලා වාරි
කර්මාන්තය දියුණු කිරීමට ගත් වෙහෙස නිසාම රජුගේ අභාවයෙන් පසුව මින්නේරි දෙවියන් සේ
අනුවර්තන නාමයක්ද රජුට හිමි විය.වර්තමානයේද රජරට වැසියන් ඇතුළු ශ්‍රී ලාංකිකයන්
මින්නේරි දෙවියන් වැඳ පුදා ගනු ලබන්නේ මහත් භක්තියෙන්ය.වසර 27ක් රජකම් කරන ලද මහසෙන් රජතුමා රාජ්‍යත්වයට

මින්නේරි දෙවියන් වැඳ පුදා ගනු ලබන්නේ මහත් භක්තියෙන්ය.