Wednesday, April 26, 2017

ඌව පළාත


ඌව පළාත





පළාත් ගීතය
දේශ දේශ කිතු ගසේ නැගු භූමී
දේශ දේශ අභිවන්දී භූමී
ශාක්‍ය සිංහ හිමි තෙද පෑ භූමී
උදාර හෙළ භූමී - ඌව විජය භූමී

සීත නමුණුකුල කඳුවැටි හෙවනයි
දුන්හිඳ - දියලුම ගලනා සිහලයි
වෙල්ලස්සේ ගලනා රණ ගීයයි
අභීත - රණවිරු නිජ බිම ඌවයි

මුතියංගන මියුගුන සෑකිරණයි
කන්ද කදිර හිමි දෙවි රැක වරණයි
වීර මොනරවිල එඩි පෑ දෙරණයි
සිංහ කොඩිය සහ අසිපත මෙතනයි

            පළාත් පුෂ්පය


පුෂ්පය: ගුරුළුරාජ
උද්භිද විද්‍යාත්මක නාමය Rhynchostylis retusa Blume
කුලය Orchidaceae


රාම රාවණා යුගයේ සිට පැවත එන දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඌව පළාත ගෞතම බුදු රදුන්ගේ පාද ස්පර්ශය ලද පුණ්‍ය භූමියකි. නැගෙනහිර , මධ්‍යම, දකුණු හා සබරගමුව පළාත් වලින් මායිම්ව ඇති ඌව පළාත බදුල්ල හා මොණරාගල යන පරිපාලන දිස්ත්‍රික්ක දෙකකින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 26 කින් සමන්විතය. පළාතේ වපසරිය වර්ග කිලෝ මීටර 8500ක් වන අතර විශාලත්වය අතුරින් 4 වන ස්ථානයෙහි පවතින පළාත වේ.

ලාංකේය කෘෂිකර්මාන්තයේ සුවිශේෂී පංගුකාරීත්වයකට හිමිකම් කියන ඌව පළාතෙහි සිංහල රජ සමයේ සිට පැවත එන කෘෂිකාර්මික ගම්මාන අදටද දැකගත හැකිය. සාරවත් භූමිය, හිතකර දේශගුණික හා පාරිසරික සාධක, ජානමය උරුමයක්ව ගොවිතැනට දෑත හුරු ශ්‍රම බලකාය හා විශාල පරාසයක විහිදෙන භූගෝලීය සාධක හේතුවෙන් දේශයට ආහාර සැපයීමේ නිසඟ විභවතාවයකින් ඌව පළාත ආශිර්වාද ලබා ඇත. ජනගහණයෙන් 60 %ක ප්‍රමාණයක් කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගෙන සිටින අතර සහල්, අර්තාපල්, බඩ ඉරිඟු සහ වෙනත් ධාන්‍ය භෝග , එළවළු , විවිධ පලතුරු සහ මල් වර්ග වගාවෙහි දක්ෂයෝ වෙති.

මුහුදු මට්ටමේ සිට අඩි 6000කට වඩා උසින් පිහිටි නමුණුකුළ කඳු වළල්ලේ සිට වැලිමඩ සානුව, කතරගම සේම හම්බන්තොට මුහුදු වෙරළ රමණීය ලෙස දර්ශනය වේ.ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය සංචාරක පුරවරයක් වන ඌව පළාත දුන්හිඳ, දියළුම, රාවණා ඇල්ල, බඹරකන්ද, හා බෝඹුරු ඇල්ල වැනි දිය ඇලි වලින් අලංකෘතය. යාල හා ගල් ඔය ජාතික වනෝද්‍යාන,මහවැලි ගඟ හා මැණික් ගඟ යන ගංඟා සේම සේනානායක සමුද්‍රය හා මාදුරු ඔය ජලාශද ඌව පළාතේ කැපී පෙනෙන සම්පත් වේ. මුතියංගණය, දෝව රජමහා විහාරය, බෝගොඩ ඓතිහාසික ලී පාලම, මාළිගාවිල බුදු පිළිමය, දෙමට මල් විහාරය, කතරගම දේවාලය, හා කිරි වෙහෙර වැනි ආගමික හා සංස්කෘතික දායාදයන් ඌවේ සංචාරක විභවතාවය ඉහළ නැංවීමට හේතු සාධක සපයයි. ඇඩිෂම් බංගලාව, ලිප්ටන් සීට්, ස්ත්‍රීපුර කන්ද හා දෙමෝදර ආරුක්කු පාලමද සංචාරක ආකර්ෂණය දිනා ගත් ඌවේ ජනප්‍රිය ස්ථානයන් ලෙස කැපී පෙනේ.



ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ නිජබිම් වන දඹාන, රතුගල, නිල්ගල, වැනි ප්‍රදේශ ඌවේ ජනතාවගේ පාරම්පරික උරුමයන් තහවුරු කරන ප්‍රදේශයන් වේ. ක්‍රි.ව 1630 දී ඌවේ සටන්කාමීන්ගේ සහභාගීත්වයෙන් පළවෙනි රාජසිංහ රජු සිදු කළ රන්දෙනිවෙල සටනත්, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ඌවේ ජනතාව දියත් කළ 1818 නිදහස් අරගලයත් ඌවේ අභිමානය ලොවට කියාපාන ඓතිහාසික සිදුවීම් වේ.

Tuesday, April 25, 2017

දකුණු ආසියාව




වර්ග කිලෝමීටර 4,490,000(වර්ග සැතපුම් 1,725,000) වපසරියක් ඇති උතුරු අක්ෂාංශ 50 38’’  සහ නැගෙනහිර දේශාංශ 620  90  පිහිටා ඇත.සමස්ත දකුණු ආසියාවේම ජනගහනය බිලියන 1.8 පමණ ආසියානු කලාපය තුළම ඇති තවත් එක් භූගෝලීය කලාපයකි.කලාපය තුළ ඉන්දියාව,පාකිස්ථානය,ශ්‍රී ලංකාව,නේපාලය,භූතානය,මාලදිවයින,බංගලාදේශය සහ අළුතින් එක් වූ ඇෆ්ගනිස්ථානයද වශයෙන් වෙන්ව පිහිටා ඇති ලොකු කුඩා රටවල් 08කි.මෙම රටවල් දේශගුණය,භූ විෂමතාවය,ජනගහනය,ආර්ථික වර්ධන වේගය,ඒක පුද්ගල ආදායම,සංස්කෘතිය,සාක්ෂරතාවය,හමුදා ශක්තිය ආදී නොයෙකුත් අංශයන් හෝ අධික ලෙස විවිධත්වයක් මෙන්ම විෂමතාවයක්ද උසුලයි.එමෙන්ම විශාල වපසරියක් තුළ විහිදී ඇති මෙම භූගෝලීය කලාපය තුළ නොයෙකුත් ආකාරයේ ස්වාභාවික සම්පත් පිරී පවතියි.එමෙන්ම මෙම කලාපයටම ආවේණික වූ සංස්කෘතික ලක්ෂණ වලින්ද යුක්ත වෙයි.
ඉහතින් සඳහන් කරන ලද උතුරු අක්ෂාංශ 50 38උතුරේ සිට දකුණටත් නැගෙනහිර දේශාංශ 620 90 නැගෙනහිර සිට බස්නාහිරටත් විහිදී ඇති මෙම ප්‍රදේශය තුළ විශාල භූගෝලීය කොටස් කිහිපයක් දැකිය හැකිය.


  1. හිමාලයා කඳුපන්තිය.
  2.  කඳුකර ප්‍රදේශයේ දකුණු කොට්ඨාශයට අයත් උස කඳුවැටි සානු සහ නිම්න තීරය.
  3.  ඊට දකුණින් බටහිර සිට නැගෙනහිරට විහිදෙන විශාල තැනි ප්‍රදේශය සහ ඉන් දකුණට නෙරා ඇති  සමද්වීපාද ත්‍රිකෝණාකාර සාන්ද්‍රණයකින්ද මේ භූගෝලීය ප්‍රදේශය සමන්විත වෙයි.එමෙන්ම ඊට නුදුරින් පිහිටා ඇති දිවයින්ද මේ විශාල භූගෝලීය ප්‍රදේශයට අයත් වේ.
එක් භූගෝලීය කලාපයක් වශයෙන් ඇති දකුණු ආසියා කලාපය හිමාලයා කඳුවැටිය තුළින් වෙන් වෙන් රාජ්‍යයන්ගේ දේශ සීමාව වනු ඇත.සමස්තයක් වශයෙන් එක් භූගෝලීය කලාපයක් වූවද මෙම රාජ්‍යයන් අතර නිශ්චිතවම සමාන කළ හැකි නිර්ණායකද නොමැති තරම්ය.එනම් මූලික සමානකම් තිබුණත් පැහැදිලි නිර්ණායකයන් ආශ්‍රයෙන් වෙන් කර ගැනීම දුෂ්කරය

වළගම්බා රජතුමා ක්‍රි.පූ.103 - ක්‍රි.පූ.77 දක්වා අගනගරය - අනුරාධපුර   ශ්‍රී ලංකාව එක්සේසත් කළ විහාරමහාදේවි පරපුරෙන් පැවත එන රජ පෙළපත...