Monday, June 5, 2017

වළගම්බා රජතුමා
ක්‍රි.පූ.103 - ක්‍රි.පූ.77 දක්වා
අගනගරය - අනුරාධපුර
 
ශ්‍රී ලංකාව එක්සේසත් කළ විහාරමහාදේවි පරපුරෙන් පැවත එන රජ පෙළපතකට උරුමකම් කියන රාජ පුතෙකි. දුටුගැමුණු මහරජතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස රජුගේ බාල පුතු වළගම්බා හෙවත් වට්ටගාමිණී අභය වේ. තම්බපණ්ණිය නොහොත් ශ්‍රී ලංකාද්වීපය එක්සේසත් කිරීමේදී වැඩිම අභියෝග ගණනාවකට මුහුණ දුන් රජවරුන් අතරට එක්වන තවත් සුවිශේෂී රජ කෙනෙකි. විජාතිකයින්ගෙන් පමණක් නොව රට ස්වයංපෝෂිත කිරීම, බුදුදහම රැක ගැනීම ඇතුළු අභියෝග රාශියකට එකවර පිළියම් සෙවීමට වළගම්බා රජතුමාට සිදු විය. ඛල්ලාටනාග රජුගෙන් පසුව වට්ටගාමිණී රජ කිරුළ පළඳින්නේ ඉතිහාසයේ තුන්බියක් පවතින පාලන සමයකයි.

මෙකල ලංකාව ජෛන ආගම සහ වෙනත් ආගමික විශ්වාසයන් පැවති තවත් එක් රාජ්‍යයක් විය.එම නිසාම විවිධ ආගමිකයෝ රාජ්‍යත්වයට පත් වීමට කුමන්ත්‍රණ  කරමින් සිටි එක්තරා යුගයකි.ඉතාමත් තීක්ෂණ සහ ස්ථානෝචිත ප්‍රඥාවක් ඇති රජතුමා මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත්තේ මෙසේය.රාජ්‍ය බලයට එක්වීමට කෑදරකමින් සිටින දෙපාර්ශවය අතර ගැටුමක් ඇති වී ඔවුනොවුන්ට යුධ කිරීමට අවස්ථාව ලබා දෙන ලදී.

තීය බ්‍රහ්මණයා ඇතුළු පිරිස සහ දමිළ ආක්‍රමණිකයන් මෙසේ යුධ වදිද්දී රජතුමා අනුරාධපුරය අතහැර දමා කඳුකරයට පලායන ලදී.එසේ යද්දී පණ්ඩුකාභය රජ වූ තැන උතුරු දොරටුව අසළ සිටි ජෛන පූජකයෙක් රජතුමා පලා යනු දැක “ මහා කලු සිංහලයා පලා යනවා“ යැයි මහා හඬින් කෑ ගැසීය.වළගම්බා රජු වහා තීරණය සුළු රජෙකු වූවද මෙම ප්‍රකාශය ඇසුණත් ආපසු නොබලා පලා යෑමම සිදු කරන ලදී.එම අවස්ථාවේදී රජතුමා සිතින් සිතා සිටියේ “ මඟේ රාජ්‍යයට මම නැවත පැමිණිවිට මෙම ස්ථානයෙහි ආරාමයක් කරමි“ යන්නයි.

සිංහල දේශයත් , රජකිරුළත් රැක ගැනීමේ අදිටනින් යුතු වූ රජතුමා දුෂ්කර ගමනක් මෙසේ ආරම්භ කරන ලදී.ගමන කොතෙක් දුෂ්කර වූවද ගමනාන්තයට කිසිඳු උපද්‍රවයකින් තොරව ළඟා වීමේ අරමුණ රජුට තිබුණි.එහෙත් නොසිතූ ලෙස ඔවුන් පලා යමින් සිටි අශ්ව කරත්තයට තම රජ පවුලේ බර දරාගත නොහැකි විය.මෙසේ දරාගත නොහැකි බර වූ කරත්තය ගමන් කරන වේගය ක්‍රමක්‍රමයෙන් අඩුවන බව සෝමාදේවියට තේරුම් ගියාය.තව තවත් තම කරත්තයේ වේගය අඩු වන සැටි ඉවසාගත නොහැකිව රජ බිසව තම ස්ථානෝචිත ප්‍රඥාව යොදා ගෙන එම අශ්ව කරත්තයෙන් පැන්නේ රජුට මෙන්ම තම දේශයට තිබුණු ආදරය නිසාය.රටක රජු ආරක්ෂා වී සිටීම මත රාජ්‍යයේ ස්ථාවර බව පවතින බව සෝමා දේවිය හොඳින් දැන සිටියාය.එවැනි වීර ක්‍රියාවක් සෝමා දේවිය අතින් එදා සිදු නොවුණා නම් සිංහල රාජ්‍යයේ විශාල වෙනසක් වීමට පැවති ඉඩකඩ බොහෝමය.මෙම කාරණයේදී අප උගත යුතු අනෙක් පාඩම නම් සෝමාදේවිය තම ස්වාමිපුරුෂයාට මෙන්ම තම රටට ජාතියට මහත්සේ ආදරය කළ රජ බිසවක් බවයි.


මෙසේ රටට පණ දුන් සෝමාදේවිය ද්‍රවිඩයන්ට හසුවෙද්දී වළගම්බා රජු මලය දේශයට පලා යනවා.ඒ අතරතුර ද්‍රවිඩ කුමාරවරුන්ගෙන් කෙනෙක් සෝමාදේවිය රැගෙන ඉන්දියාවට යද්දී තවත් අයෙක් බුදුහාමුදුරුවන්ගේ පාත්‍ර ධාතුව අරන් ඉන්දියාවට යනවා.

මෙසේ මලය රටට පලා ගිය වළගම්බා රජුන් වසර 14කුත් මාස 7ක් එම දේශයේ ඉඳන් රට බේරාගන්න සැලසුම් හදන කාලයේ පුලහත්ථ, බාහිය, පණයමාර, පිළියමාර හා දාඨක යන ද්‍රවිඩ නායකයින් පිළිවෙලින් අපේ රටේම රජකම් කරනවා.ඔවුන් මෙසේ රජකම් කරද්දී සිංහල නායකයින් ,පැවිද්දන් මරා දමනු ලැබූයේ ඉතා කෘර ලෙසටය.මෙය තව දුරටත් ඉවසා ගත නොහැකිව සිටි කුපික්කලතිස්ස කියන හාමුදුරුවෝ සිවුරෙන් මිදී රජුට එක්වී රට ගොඩගන්න රටේ ජනතාව සංවිධානය කිරීමේ මහඟු වීරක්‍රියාවට දායක වෙනවා.
මෙලෙස සංවිධානගත වූ රටේ ජනතාව රජු හා එක්ව සටනකට සූදානම් වෙනවා.අවසන් මහා සටනින් ද්‍රවිඩ නායකයින්ගේ අවසානතම පාලකයා වූ දාඨකව පරද්දලා දෙවන වරටත් වළගම්බා රජු සිංහල දේශයේ රජු විදිහට කිරුළු පළදිනවා.

නැවත රාජ්‍යත්වය හිමිකරගත් රජතුමාගේ මූලික කාර්යයභාරය වූයේ නැවත සෝමාදේවිය ලංකාවට ගෙන්වා ගැනීමයි.ඉතිහාසයේ සඳහන් පරිදි වළගම්බා රජු සෝමා දේවියත්, බුදුරජුන්ගේ පාත්‍රධාතුවත් නැවත ලංකාවට ගෙන්වා ගනු ලබනවා.  


තවත් විශේෂත්වයක් නම් ගිරිනිඝණ්ඨයා විසින් රජුට කෑ මොර දුන් තැන නිගණ්ඨයාගේ මුල් නමත්(ගිරි), රජුගේ අග නමත් (අභය) යොදාගෙන අභයගිරිය කියන ස්ථූපය ගොඩනංවනවා.මෙයඅවසානයේදී කෘතගුණ සැළකීම නිමිතිකොටගෙන කුපික්කලතිස්ස හාමුදුරුවන් නැවත සසුන්ගත කර එම හාමුදුරුවන්ට පූජා කරනවා.මෙය මහා වංශයේ සඳහන් වන්නේ පෞද්ගලික ආරාම පූජාවක් ලෙසයි.නමුත් මාගේ පෞද්ගලික හැඟීම නම් රට නැවත ගොඩනැංවීමට ශාස්තෘන්වහන්සේනමක් උරෙනුර ගැටුණ නිසා තව තවත් එවැනි හාමුදුරුවන් වහන්සේලා බිහි කිරීමට තෝතැන්නක් ඇති කිරීම උදෙසා මෙය පෞද්ගලිකව පූජා කර ඇති බවය.එමෙන්ම මෙය හුදෙක් එක් හාමුදුරුවන් වහන්සේ නමකට නොව කුපික්කලතිස්ස හාමුදුරුවන් හා එම තෙරුණ් සමඟ පැමිණි සියළු හාමුදුරුවන් වහන්සේලාට මෙය උරුම විය.රජු විසින් රජුගේ ධනයෙන් මෙය ගොඩනැංවූවත් රටේ අභිවෘද්ධිය උදෙසා රට, ජාතිය, ආගම නමින් පූජා කිරීමක් ලෙස මෙය හැඳින්විය හැකිය.

එය තවදුරතේ සාක්ෂාත් කර ගැනීමේ හැකියාව අපට ලැබෙන්නේ මාතලේ අළු විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම නිසාය.බෞද්ධයාගේ අත්පොත බඳුවූ ත්‍රිපිටකය අපට හිමිවන්නේ මෙම රජතුමා මූලිකව  සිදු කරන ලද මෙම උතුම් කටයුත්ත නිසාය. 


Sunday, May 14, 2017

ලක් අඹර එළිය කළ රජවරුන් අතර මහසෙන් රජතුමා


මහසෙන් රජතුමා

වසර 27ක් රජකම් කරන ලද මහසෙන් රජතුමා රාජ්‍යත්වයට පත් වන්නේ ක්‍රි.ව.236 දීය.මහසෙන් රජතුමා ගෝඨාභය රජතුමාගේ කණිටු පුත්‍රයාය.මහාවංශය මහසෙන් රජුගේ පාලන කාලයෙන් අවසන් වන අතර මහසෙන් රජුගේ පුත්‍රයා ඇතුළුව එයින් පසුව රජකම් කළ රජවරුන් මහාවංශයේ දෙවන කොටසට අයත් වන අතර ඇතැම් වියත්හු මහාවංශයේ දෙවන කොටසට අයත් රජවරුන් චූලවංශයේ රජවරුන් ලෙසින්ද හඳුන්වයි.ශ්‍රී ලංකාවේ රජකම් කළ කාර්යයශූර රජවරුන් අතර, මහසෙන් රජතුමාට හිමිවන්නේ සුවිශේෂි තැනකි.
කෙතරම් කාර්යයෙහි සූරයෙකු වූවද රජතුමාගේ මුල් කාලයේදී රට වැසියන්ගෙන් මෙන්ම සංඝයා වහන්සේලාගෙන්ද ලැබුණේ අපකීර්තියයි.එයට හේතු පාදක ලෙස දැකගත හැකි ප්‍රධානතම කරුණ වන්නේ මහාවිහාරයට එරෙහිව කටයුතු කිරීමය.මහාවංශය හඳුන්වන ආකාරයට මහසෙන් රජු හොඳ වැඩ සේම නරක වැඩද කරන ලද රජ කෙනෙකි.
මහාවිහාරවාසී භික්ෂූන්ට එරෙහිව මහසෙන් රජතුමා ක්‍රියාකිරීමට හේතුව වන්නේ රජු කුඩා අවධියේ අධ්‍යාපනය ලැබුයේ වෛකුල්‍යවාදි භික්ෂුවකගෙන් වීමයි.එම භික්ෂුව අභයගිරි භික්ෂුවක් බැවින් සත්‍යවශයෙන්ම විනයවාදී භික්ෂූන්ලා අභයගිරි භික්ෂූන්ලා බව පසක් කිරීම උදෙසා එම භික්ෂුව ක්‍රියා කරන ලදී.වෛකුල්‍යවාදී සංඝමිත්ත භික්ෂුවගේ දැඩි මතය වූයේ ථෙරවාදයේ තෝතැන්න වූ මහාවිහාරවාසී භික්ෂූණ් වහන්සේලා අවිනයවාදී බවමය.මහසෙන් රජුගේ සොයුරු දෙටුතිස් රජුගේ ගුරුවරයා වූවේද මෙම භික්ෂුවමය.නමුත් දෙටුතිස් රජු මෙවැනි සංඝභේදය ඇති කරවන මතධාරීයෙකුට රැවටීමට නොහැකි නිසා මෙම සංඝමිත්ත භික්ෂුව ක්‍රි.ව.267 සිට 276 දක්වා ඉන්දියාව තුළ රැඳී සිටියහ.

කරුණු එසේ තිබියදීම දෙටුතිස් රජු ක්‍රි.ව.276 අභාවයට පත් විය.ඒ සමඟම රජකමේ හිමිකම තිබුණේ මහසෙන් රජුන් හටය.තම ප්‍රියතම ගෝලයා රජ වූ පුවත දැනගත් වහාම සංඝමිත්ත භික්ෂුව යළි ලක්දිවට වැඩම කළේය.මෙහිදී විද්‍යාමාන වූ රජුගේ තවත් දුර්වලතාවයක් වන්නේ රජකම් කළද නිවැරදි ලෙස තේරුම්ගැනීම නොමැතිකම හා ඉක්මණින් කිපෙනසුළුගතිය නිසා ඉක්මණින් රැවටීමටද හැකියාව ඇති බවය.එපමණක්ද නොව රජතුමාගේ රාජ්‍යාභිෂේකය පවා  සිදුවූයේ අභයගිරි භික්ෂූන්ගේ විශේෂ අනුග්‍රහය ඔවුනට අවැසි පරිදිය.ඒ තුළින් ඔවුන්ගේ අභිප්‍රාය වූයේ අභයගිරි භික්ෂූණ්ට පක්ෂව කටයුතු කිරීමට උනන්දු කරවීමය.
මහසෙන් රජුද එම කුමන්ත්‍රණ වලට හසු වී මහා විහාරවාසී භික්ෂූණ් හට දානයක් හෝ නොදී අසුවුණොත් රන්මසු දහසක දඩයක් ගසන බවටද රාජ්‍ය ආඥාවක් පවා පනවන ලදී.මෙම පුවත ඇසූ බොහෝ මහාවිහාරවාසී භික්ෂූණ්ලා මිහින්තලවාසී භික්ෂූණ් වහන්සේලා තම පන්සල් අතැර දමා රුහුණු රටට, මලය රටට හා කන්ද උඩරටට වැඩම කරන ලදී.අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් අභයගිරි භික්ෂූණ් වහන්සේලා මිහින්තලා විහාර භූමිය තමන් සතු කර ගත්තේය.මිහින්තලාවට එසේ වෙද්දී මහාවිහාර භූමිය හුදෙකලා විය.එහිදී සිදු වූයේ තවත් විපතක්ය.එනම් එසේ අතැර දමා ඇති පාලු භූමි රජුගේ දේපළ යැයි කියමින් එම භූමිය තුළ ඇති ගොඩනැඟිලි කඩා බිඳ දමමින් අභයගිරි ගොඩනැඟිලි සංවර්ධනය කරවූයේය.
මහාවිහාර භූමියේ ඉතිහාසය වන්නේ දේවානම්පියතිස්ස රජු බුදුදහම වැළඳගෙන ඒ දහම නිසා සිත පැහැදුණු බැවින් බුද්ධ ශාසනයට පූජා කරන ලද භූමියයි.අදටද මහමෙවුනාවේ ඇති සියළුම භූමියන් මෙම මහාවිහාර භූමිය සතු වේ.
දේවානම්පියතිස්ස රජ දවස පටන් බෞද්ධයාගේ හදවත වන මහාවිහාර භූමිය අතීතයේ සිටම ථේරවාදී බුදුදහමේ තෝතැන්නද විය.එවන් වටිනාකමක් ඇති මහාවිහාරවාස  තුළ උඳු වැපිරීම, සංඝයා වහන්සේලාට දන්දීම තහනමට ලක්කිරීම එකල රටවැසියා ඉවසා සිටියේ නැත.මෙම විපත තව දුරටත් ඉවසා ගත නොහැකිව රටවැසියා කැරළි ගසන්නට සහ රජුට විරුද්ධව නැඟී සිටීමට කතිකා කරගත්තේය.
මෙහි අපූර්ව සිද්ධිය වන්නේ රටවැසියා සමඟ රජුට විරුද්ධව කැරළි ගැසීමට පෙරමුණ ගත්තේ රජු බාල අවධියේ සිටම එනම් වැලි කෙළියේ සිටම රජුගේ කළණ මිතුරා වන රාජ සභාවේ ඇමතිවරයෙකු වන මේඝවර්ණ අභය ඇමතිතුමන්ය.කෙසේ වෙතත් මෙලෙස තමන්ට විරුද්ධව අවි එසවීමට සිටින මේඝවර්ණ අභය ඇතුළු පිරිස මැඩලීමේ අරමුණින් යුතුව රජුගේ කැරලිකරුවන්ද පසුබට වූයේ නැත.
කෙසේ වෙතත් තිසා වැවෙහි එක් පෙදෙසක රජු ඇතුළු රජුට සහය වන පිරිසද, අනෙක් පෙදෙසේ මේඝවර්ණ අභය ඇමතිවරයා සහ ඔහුගේ පිරිසද කඳවුරු බැඳ ගත්තේය.
මේ අන්දමින් දෙපාර්ශවයම කඳවුරු බැඳ යුද්ධයකට සැරසෙද්දී  යුද්ධයට පෙර දවසේදී දෛවෝපගත සිදුවීමක් සිදු විය. එනම් හෙට දින යුද්ධ කරන්නේ කවුරුන් හට එරෙහිවද යන්න මේඝවර්ණ අභය ඇමතිවරයාට සිහිපත් වීමයි.මේඝවර්ණ අභය ඇමති මෙම පත්වීමට හේතුව වූයේද මොවුන් දෙදෙනා අතර තිබූ කළණ මිතුරුදමයි.රෑ මැදියම තෙක් කල්පනා කළ මේඝවර්ණ අභයගේ දෑස්වලින් කඳුළු කැට කඩා වැටුණේ තම මිත්‍රත්වය නිසා පාප ක්‍රියා සිදුකරන තම මිතුරු මහසෙන්ට සිදු වූ අනිටු විපාක මතක් වීම නිසාය.එහිදී තවත් අපූරු සිදුවීමක් සිදු විය.එනම් මලය රටින් ගෙන ආ ප්‍රනීත වූ පානයක් හා මාංසයක් මේඝවර්ණ ඇමතිහට ලැබීමය.එය තවත් පෙර මිතුරු ඇසුර සිහි කරවන හේතුවක් විය.පෙරදී නම් මෙලෙස ප්‍රනීත ආහාරයක් ලද විට තමන් එහි රස විඳ ගත්තේ මහසෙන් රජු හා විම ඊට හේතු පාදක විය.එසැණින් මේඝවර්ණ ඇමතිවරයා තීරණයක් ගත්තේය.මෙම ප්‍රනීත ආහාරයද රැගෙන රජු මුණ ගැසීමට ගොස් රහසේම රෑ මැදියම ගියේය.මෙසේ නිරායුධව පැමිණි මේඝවර්ණ දුටුවිට රජුට චකිතයක් ඇති වූවද ඒ සමඟම තම මිතුරාත් සමඟ කෙළිදෙළින් සිටි අතීතය සිහි විය.ඉන් පසුව මේඝවර්ණ රැගෙන ආ ප්‍රනිත ආහාරය දෙදෙනාම ඉතා සතුටින් භුක්ති වින්දේය.එහිදී රජතුමා තමන් හට විරුද්ධව මෙලෙස කැරලි ගැසීමට හේතු විමසා සිටියේය‍ෙ
මේඝවර්ණ ඇමතිතුමන් රජු හට කරුණු ඉතා පැහැදිලිව තේරුම් බේරුම් කිරීමට සමත් වූයේය.එම නිසා රටතුළ ඇතිවීමට ගිය මහා විපතක් වැළැක්වීමට දෙදෙනාටම හැකි විය.අවසානයේදී රජුට තමා අතින් සිදු වූ මහා ව්‍යසනයක තරම වැටහිණ.
ඒ අනූව තමා විසින් කඩා බිඳදැමූ මහා විහාර භූමිය ගොඩනැඟීමටත්, මහාවිහාරවාසී භික්ෂූන්ට දන් නොදෙන ලෙස පනවා තිබූ නීති ඉවත් කිරීමටත් තමන් විසින් විනාශ කරන ලද බොදු ග්‍රන්ථ රාජ්‍ය අනුග්‍රහය යටතේ නැවත ලේඛනගත කිරීමටත් එවෙලෙහිම පොරොන්දු දුන්නේය.
එම පොරොන්දු මත සිත පහදවා ගත් මේඝවර්ණයන් සැනින් තම කඳවුර වෙත ගියේය.පසුදා ඇමතිවරයාගේ සහ රජුගේ පාර්ශවයන් බලා සිටියේ යුද්ධයට අණ ලැබෙන තුරුය.නමුත් සාමයක් මිස යුද්ධයක් සිදු වූයේ නැත.පෙරදා රාත්‍රියෙහි සිදු වූ සියළු සිදුවීම් මහජනයාට සහ කැරළිකරුවන්ට දැනුම් දෙමින් යුද්ධය අවලංගු කිරීමේ හේතු ප්‍රසිද්ධ කරන ලදී.ඒ අනූව මහජනතාව රටපුරා ප්‍රීතිඝෝෂා පවත්වන ලදී.
මෙලෙස ක්ෂණයකින් වෙනස් වන මහරජුගේ තීරණ පිළිබඳ  මහාවිහාරවාසී භික්ෂූණ් වහන්සේලා එතරම් විශ්වාස කළේ නැත.නමුත් මහරජු මහාවිහාරවාසී භූමිය තුළ ලෝකයේ දැනට ඇති ගඩොලින් නිම කරන ලද විශාලම චෛත්‍යය වන ඡේතවනාරාමයද ඉදි කරවන ලදී.එහිදීද මහාවිහාරවාසී භික්ෂූණ්  වහන්සේලා මහාවිහාරය අතහැර දැමුයේය.නැවතත් මහාවිහාර භූමියට වැඩම කළේ ඡේතවනාරාමයෙහි වැඩ නිම වූ පසුවය. කෙසේ වෙතත් රජතුමා පසු කලෙක බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා තව තවත් වෙහෙර විහාර ගොඩනැංවීය.
එපමණක්ද නොව රවේ වාරි කර්මාන්තය තුළ කැපී පෙනෙන ලෙස  වාරි තාක්ෂණය භාවිතා කරමින් වැව් අමුණු දහස් ගණනක් ඉදි කරවීය.
මෙකල රටේ  ආර්ථිකය හොඳ මට්ටමක තිබුණද වර්තමානයටත් වඩා ආත්‍රමණික බලපෑම් වැඩි වූ බැවින් බෞද්ධ ධර්මයට එතරම් හොඳ කාලයක්ව නොපැවති බවට නම් කිසිඳු සැකයක් නැත.කෙසේ වෙතත් අඳුරුවෙමින් පවතින බුදු දහමට ආලෝකයක් එක් කිරීමට මහසෙන් රජුට හැකියාව ලැබුණි.
ඒ වගේම කෘෂිකර්මය දියුණු කිරීමෙහි ලා වාරි කර්මාන්තය දියුණු කිරීමට ගත් වෙහෙස නිසාම රජුගේ අභාවයෙන් පසුව මින්නේරි දෙවියන් සේ අනුවර්තන නාමයක්ද රජුට හිමි විය.වර්තමානයේද රජරට වැසියන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් මින්නේරි දෙවියන් වැඳ පුදා ගනු ලබන්නේ මහත් භක්තියෙන්ය.වසර 27ක් රජකම් කරන ලද මහසෙන් රජතුමා රාජ්‍යත්වයට පත් වන්නේ ක්‍රි.ව.236 දීය.මහසෙන් රජතුමා ගෝඨාභය රජතුමාගේ කණිටු පුත්‍රයාය.මහාවංශය මහසෙන් රජුගේ පාලන කාලයෙන් අවසන් වන අතර මහසෙන් රජුගේ පුත්‍රයා ඇතුළුව එයින් පසුව රජකම් කළ රජවරුන් මහාවංශයේ දෙවන කොටසට අයත් වන අතර ඇතැම් වියත්හු මහාවංශයේ දෙවන කොටසට අයත් රජවරුන් චූලවංශයේ රජවරුන් ලෙසින්ද හඳුන්වයි.ශ්‍රී ලංකාවේ රජකම් කළ කාර්යයශූර රජවරුන් අතර, මහසෙන් රජතුමාට හිමිවන්නේ සුවිශේෂි තැනකි.
කෙතරම් කාර්යයෙහි සූරයෙකු වූවද රජතුමාගේ මුල් කාලයේදී රට වැසියන්ගෙන් මෙන්ම සංඝයා වහන්සේලාගෙන්ද ලැබුණේ අපකීර්තියයි.එයට හේතු පාදක ලෙස දැකගත හැකි ප්‍රධානතම කරුණ වන්නේ මහාවිහාරයට එරෙහිව කටයුතු කිරීමය.මහාවංශය හඳුන්වන ආකාරයට මහසෙන් රජු හොඳ වැඩ සේම නරක වැඩද කරන ලද රජ කෙනෙකි.
මහාවිහාරවාසී භික්ෂූන්ට එරෙහිව මහසෙන් රජතුමා ක්‍රියාකිරීමට හේතුව වන්නේ රජු කුඩා අවධියේ අධ්‍යාපනය ලැබුයේ වෛකුල්‍යවාදි භික්ෂුවකගෙන් වීමයි.එම භික්ෂුව අභයගිරි භික්ෂුවක් බැවින් සත්‍යවශයෙන්ම විනයවාදී භික්ෂූන්ලා අභයගිරි භික්ෂූන්ලා බව පසක් කිරීම උදෙසා එම භික්ෂුව ක්‍රියා කරන ලදී.වෛකුල්‍යවාදී සංඝමිත්ත භික්ෂුවගේ දැඩි මතය වූයේ ථෙරවාදයේ තෝතැන්න වූ මහාවිහාරවාසී භික්ෂූණ් වහන්සේලා අවිනයවාදී බවමය.මහසෙන් රජුගේ සොයුරු දෙටුතිස් රජුගේ ගුරුවරයා වූවේද මෙම භික්ෂුවමය.නමුත් දෙටුතිස් රජු මෙවැනි සංඝභේදය ඇති කරවන මතධාරීයෙකුට රැවටීමට නොහැකි නිසා මෙම සංඝමිත්ත භික්ෂුව ක්‍රි.ව.267 සිට 276 දක්වා ඉන්දියාව තුළ රැඳී සිටියහ.

කරුණු එසේ තිබියදීම දෙටුතිස් රජු ක්‍රි.ව.276 අභාවයට පත් විය.ඒ සමඟම රජකමේ හිමිකම තිබුණේ මහසෙන් රජුන් හටය.තම ප්‍රියතම ගෝලයා රජ වූ පුවත දැනගත් වහාම සංඝමිත්ත භික්ෂුව යළි ලක්දිවට වැඩම කළේය.මෙහිදී විද්‍යාමාන වූ රජුගේ තවත් දුර්වලතාවයක් වන්නේ රජකම් කළද නිවැරදි ලෙස තේරුම්ගැනීම නොමැතිකම හා ඉක්මණින් කිපෙනසුළුගතිය නිසා ඉක්මණින් රැවටීමටද හැකියාව ඇති බවය.එපමණක්ද නොව රජතුමාගේ රාජ්‍යාභිෂේකය පවා  සිදුවූයේ අභයගිරි භික්ෂූන්ගේ විශේෂ අනුග්‍රහය ඔවුනට අවැසි පරිදිය.ඒ තුළින් ඔවුන්ගේ අභිප්‍රාය වූයේ අභයගිරි භික්ෂූණ්ට පක්ෂව කටයුතු කිරීමට උනන්දු කරවීමය.
මහසෙන් රජුද එම කුමන්ත්‍රණ වලට හසු වී මහා විහාරවාසී භික්ෂූණ් හට දානයක් හෝ නොදී අසුවුණොත් රන්මසු දහසක දඩයක් ගසන බවටද රාජ්‍ය ආඥාවක් පවා පනවන ලදී.මෙම පුවත ඇසූ බොහෝ මහාවිහාරවාසී භික්ෂූණ්ලා මිහින්තලවාසී භික්ෂූණ් වහන්සේලා තම පන්සල් අතැර දමා රුහුණු රටට, මලය රටට හා කන්ද උඩරටට වැඩම කරන ලදී.අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් අභයගිරි භික්ෂූණ් වහන්සේලා මිහින්තලා විහාර භූමිය තමන් සතු කර ගත්තේය.මිහින්තලාවට එසේ වෙද්දී මහාවිහාර භූමිය හුදෙකලා විය.එහිදී සිදු වූයේ තවත් විපතක්ය.එනම් එසේ අතැර දමා ඇති පාලු භූමි රජුගේ දේපළ යැයි කියමින් එම භූමිය තුළ ඇති ගොඩනැඟිලි කඩා බිඳ දමමින් අභයගිරි ගොඩනැඟිලි සංවර්ධනය කරවූයේය.
මහාවිහාර භූමියේ ඉතිහාසය වන්නේ දේවානම්පියතිස්ස රජු බුදුදහම වැළඳගෙන ඒ දහම නිසා සිත පැහැදුණු බැවින් බුද්ධ ශාසනයට පූජා කරන ලද භූමියයි.අදටද මහමෙවුනාවේ ඇති සියළුම භූමියන් මෙම මහාවිහාර භූමිය සතු වේ.
දේවානම්පියතිස්ස රජ දවස පටන් බෞද්ධයාගේ හදවත වන මහාවිහාර භූමිය අතීතයේ සිටම ථේරවාදී බුදුදහමේ තෝතැන්නද විය.එවන් වටිනාකමක් ඇති මහාවිහාරවාස  තුළ උඳු වැපිරීම, සංඝයා වහන්සේලාට දන්දීම තහනමට ලක්කිරීම එකල රටවැසියා ඉවසා සිටියේ නැත.මෙම විපත තව දුරටත් ඉවසා ගත නොහැකිව රටවැසියා කැරළි ගසන්නට සහ රජුට විරුද්ධව නැඟී සිටීමට කතිකා කරගත්තේය.
මෙහි අපූර්ව සිද්ධිය වන්නේ රටවැසියා සමඟ රජුට විරුද්ධව කැරළි ගැසීමට පෙරමුණ ගත්තේ රජු බාල අවධියේ සිටම එනම් වැලි කෙළියේ සිටම රජුගේ කළණ මිතුරා වන රාජ සභාවේ ඇමතිවරයෙකු වන මේඝවර්ණ අභය ඇමතිතුමන්ය.කෙසේ වෙතත් මෙලෙස තමන්ට විරුද්ධව අවි එසවීමට සිටින මේඝවර්ණ අභය ඇතුළු පිරිස මැඩලීමේ අරමුණින් යුතුව රජුගේ කැරලිකරුවන්ද පසුබට වූයේ නැත.
කෙසේ වෙතත් තිසා වැවෙහි එක් පෙදෙසක රජු ඇතුළු රජුට සහය වන පිරිසද, අනෙක් පෙදෙසේ මේඝවර්ණ අභය ඇමතිවරයා සහ ඔහුගේ පිරිසද කඳවුරු බැඳ ගත්තේය.
මේ අන්දමින් දෙපාර්ශවයම කඳවුරු බැඳ යුද්ධයකට සැරසෙද්දී  යුද්ධයට පෙර දවසේදී දෛවෝපගත සිදුවීමක් සිදු විය. එනම් හෙට දින යුද්ධ කරන්නේ කවුරුන් හට එරෙහිවද යන්න මේඝවර්ණ අභය ඇමතිවරයාට සිහිපත් වීමයි.මේඝවර්ණ අභය ඇමති මෙම පත්වීමට හේතුව වූයේද මොවුන් දෙදෙනා අතර තිබූ කළණ මිතුරුදමයි.රෑ මැදියම තෙක් කල්පනා කළ මේඝවර්ණ අභයගේ දෑස්වලින් කඳුළු කැට කඩා වැටුණේ තම මිත්‍රත්වය නිසා පාප ක්‍රියා සිදුකරන තම මිතුරු මහසෙන්ට සිදු වූ අනිටු විපාක මතක් වීම නිසාය.එහිදී තවත් අපූරු සිදුවීමක් සිදු විය.එනම් මලය රටින් ගෙන ආ ප්‍රනීත වූ පානයක් හා මාංසයක් මේඝවර්ණ ඇමතිහට ලැබීමය.එය තවත් පෙර මිතුරු ඇසුර සිහි කරවන හේතුවක් විය.පෙරදී නම් මෙලෙස ප්‍රනීත ආහාරයක් ලද විට තමන් එහි රස විඳ ගත්තේ මහසෙන් රජු හා විම ඊට හේතු පාදක විය.එසැණින් මේඝවර්ණ ඇමතිවරයා තීරණයක් ගත්තේය.මෙම ප්‍රනීත ආහාරයද රැගෙන රජු මුණ ගැසීමට ගොස් රහසේම රෑ මැදියම ගියේය.මෙසේ නිරායුධව පැමිණි මේඝවර්ණ දුටුවිට රජුට චකිතයක් ඇති වූවද ඒ සමඟම තම මිතුරාත් සමඟ කෙළිදෙළින් සිටි අතීතය සිහි විය.ඉන් පසුව මේඝවර්ණ රැගෙන ආ ප්‍රනිත ආහාරය දෙදෙනාම ඉතා සතුටින් භුක්ති වින්දේය.එහිදී රජතුමා තමන් හට විරුද්ධව මෙලෙස කැරලි ගැසීමට හේතු විමසා සිටියේය‍ෙ
මේඝවර්ණ ඇමතිතුමන් රජු හට කරුණු ඉතා පැහැදිලිව තේරුම් බේරුම් කිරීමට සමත් වූයේය.එම නිසා රටතුළ ඇතිවීමට ගිය මහා විපතක් වැළැක්වීමට දෙදෙනාටම හැකි විය.අවසානයේදී රජුට තමා අතින් සිදු වූ මහා ව්‍යසනයක තරම වැටහිණ.
ඒ අනූව තමා විසින් කඩා බිඳදැමූ මහා විහාර භූමිය ගොඩනැඟීමටත්, මහාවිහාරවාසී භික්ෂූන්ට දන් නොදෙන ලෙස පනවා තිබූ නීති ඉවත් කිරීමටත් තමන් විසින් විනාශ කරන ලද බොදු ග්‍රන්ථ රාජ්‍ය අනුග්‍රහය යටතේ නැවත ලේඛනගත කිරීමටත් එවෙලෙහිම පොරොන්දු දුන්නේය.
එම පොරොන්දු මත සිත පහදවා ගත් මේඝවර්ණයන් සැනින් තම කඳවුර වෙත ගියේය.පසුදා ඇමතිවරයාගේ සහ රජුගේ පාර්ශවයන් බලා සිටියේ යුද්ධයට අණ ලැබෙන තුරුය.නමුත් සාමයක් මිස යුද්ධයක් සිදු වූයේ නැත.පෙරදා රාත්‍රියෙහි සිදු වූ සියළු සිදුවීම් මහජනයාට සහ කැරළිකරුවන්ට දැනුම් දෙමින් යුද්ධය අවලංගු කිරීමේ හේතු ප්‍රසිද්ධ කරන ලදී.ඒ අනූව මහජනතාව රටපුරා ප්‍රීතිඝෝෂා පවත්වන ලදී.
මෙලෙස ක්ෂණයකින් වෙනස් වන මහරජුගේ තීරණ පිළිබඳ  මහාවිහාරවාසී භික්ෂූණ් වහන්සේලා එතරම් විශ්වාස කළේ නැත.නමුත් මහරජු මහාවිහාරවාසී භූමිය තුළ ලෝකයේ දැනට ඇති ගඩොලින් නිම කරන ලද විශාලම චෛත්‍යය වන ඡේතවනාරාමයද ඉදි කරවන ලදී.එහිදීද මහාවිහාරවාසී භික්ෂූණ්  වහන්සේලා මහාවිහාරය අතහැර දැමුයේය.නැවතත් මහාවිහාර භූමියට වැඩම කළේ ඡේතවනාරාමයෙහි වැඩ නිම වූ පසුවය. කෙසේ වෙතත් රජතුමා පසු කලෙක බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා තව තවත් වෙහෙර විහාර ගොඩනැංවීය.
එපමණක්ද නොව රවේ වාරි කර්මාන්තය තුළ කැපී පෙනෙන ලෙස  වාරි තාක්ෂණය භාවිතා කරමින් වැව් අමුණු දහස් ගණනක් ඉදි කරවීය.
මෙකල රටේ  ආර්ථිකය හොඳ මට්ටමක තිබුණද වර්තමානයටත් වඩා ආත්‍රමණික බලපෑම් වැඩි වූ බැවින් බෞද්ධ ධර්මයට එතරම් හොඳ කාලයක්ව නොපැවති බවට නම් කිසිඳු සැකයක් නැත.කෙසේ වෙතත් අඳුරුවෙමින් පවතින බුදු දහමට ආලෝකයක් එක් කිරීමට මහසෙන් රජුට හැකියාව ලැබුණි.

ඒ වගේම කෘෂිකර්මය දියුණු කිරීමෙහි ලා වාරි කර්මාන්තය දියුණු කිරීමට ගත් වෙහෙස නිසාම රජුගේ අභාවයෙන් පසුව මින්නේරි දෙවියන් සේ අනුවර්තන නාමයක්ද රජුට හිමි විය.වර්තමානයේද රජරට වැසියන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් මින්නේරි දෙවියන් වැඳ පුදා ගනු ලබන්නේ මහත් භක්තියෙන්ය.

Wednesday, April 26, 2017

ඌව පළාත


ඌව පළාත





පළාත් ගීතය
දේශ දේශ කිතු ගසේ නැගු භූමී
දේශ දේශ අභිවන්දී භූමී
ශාක්‍ය සිංහ හිමි තෙද පෑ භූමී
උදාර හෙළ භූමී - ඌව විජය භූමී

සීත නමුණුකුල කඳුවැටි හෙවනයි
දුන්හිඳ - දියලුම ගලනා සිහලයි
වෙල්ලස්සේ ගලනා රණ ගීයයි
අභීත - රණවිරු නිජ බිම ඌවයි

මුතියංගන මියුගුන සෑකිරණයි
කන්ද කදිර හිමි දෙවි රැක වරණයි
වීර මොනරවිල එඩි පෑ දෙරණයි
සිංහ කොඩිය සහ අසිපත මෙතනයි

            පළාත් පුෂ්පය


පුෂ්පය: ගුරුළුරාජ
උද්භිද විද්‍යාත්මක නාමය Rhynchostylis retusa Blume
කුලය Orchidaceae


රාම රාවණා යුගයේ සිට පැවත එන දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඌව පළාත ගෞතම බුදු රදුන්ගේ පාද ස්පර්ශය ලද පුණ්‍ය භූමියකි. නැගෙනහිර , මධ්‍යම, දකුණු හා සබරගමුව පළාත් වලින් මායිම්ව ඇති ඌව පළාත බදුල්ල හා මොණරාගල යන පරිපාලන දිස්ත්‍රික්ක දෙකකින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 26 කින් සමන්විතය. පළාතේ වපසරිය වර්ග කිලෝ මීටර 8500ක් වන අතර විශාලත්වය අතුරින් 4 වන ස්ථානයෙහි පවතින පළාත වේ.

ලාංකේය කෘෂිකර්මාන්තයේ සුවිශේෂී පංගුකාරීත්වයකට හිමිකම් කියන ඌව පළාතෙහි සිංහල රජ සමයේ සිට පැවත එන කෘෂිකාර්මික ගම්මාන අදටද දැකගත හැකිය. සාරවත් භූමිය, හිතකර දේශගුණික හා පාරිසරික සාධක, ජානමය උරුමයක්ව ගොවිතැනට දෑත හුරු ශ්‍රම බලකාය හා විශාල පරාසයක විහිදෙන භූගෝලීය සාධක හේතුවෙන් දේශයට ආහාර සැපයීමේ නිසඟ විභවතාවයකින් ඌව පළාත ආශිර්වාද ලබා ඇත. ජනගහණයෙන් 60 %ක ප්‍රමාණයක් කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගෙන සිටින අතර සහල්, අර්තාපල්, බඩ ඉරිඟු සහ වෙනත් ධාන්‍ය භෝග , එළවළු , විවිධ පලතුරු සහ මල් වර්ග වගාවෙහි දක්ෂයෝ වෙති.

මුහුදු මට්ටමේ සිට අඩි 6000කට වඩා උසින් පිහිටි නමුණුකුළ කඳු වළල්ලේ සිට වැලිමඩ සානුව, කතරගම සේම හම්බන්තොට මුහුදු වෙරළ රමණීය ලෙස දර්ශනය වේ.ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය සංචාරක පුරවරයක් වන ඌව පළාත දුන්හිඳ, දියළුම, රාවණා ඇල්ල, බඹරකන්ද, හා බෝඹුරු ඇල්ල වැනි දිය ඇලි වලින් අලංකෘතය. යාල හා ගල් ඔය ජාතික වනෝද්‍යාන,මහවැලි ගඟ හා මැණික් ගඟ යන ගංඟා සේම සේනානායක සමුද්‍රය හා මාදුරු ඔය ජලාශද ඌව පළාතේ කැපී පෙනෙන සම්පත් වේ. මුතියංගණය, දෝව රජමහා විහාරය, බෝගොඩ ඓතිහාසික ලී පාලම, මාළිගාවිල බුදු පිළිමය, දෙමට මල් විහාරය, කතරගම දේවාලය, හා කිරි වෙහෙර වැනි ආගමික හා සංස්කෘතික දායාදයන් ඌවේ සංචාරක විභවතාවය ඉහළ නැංවීමට හේතු සාධක සපයයි. ඇඩිෂම් බංගලාව, ලිප්ටන් සීට්, ස්ත්‍රීපුර කන්ද හා දෙමෝදර ආරුක්කු පාලමද සංචාරක ආකර්ෂණය දිනා ගත් ඌවේ ජනප්‍රිය ස්ථානයන් ලෙස කැපී පෙනේ.



ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ නිජබිම් වන දඹාන, රතුගල, නිල්ගල, වැනි ප්‍රදේශ ඌවේ ජනතාවගේ පාරම්පරික උරුමයන් තහවුරු කරන ප්‍රදේශයන් වේ. ක්‍රි.ව 1630 දී ඌවේ සටන්කාමීන්ගේ සහභාගීත්වයෙන් පළවෙනි රාජසිංහ රජු සිදු කළ රන්දෙනිවෙල සටනත්, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ඌවේ ජනතාව දියත් කළ 1818 නිදහස් අරගලයත් ඌවේ අභිමානය ලොවට කියාපාන ඓතිහාසික සිදුවීම් වේ.

Tuesday, April 25, 2017

දකුණු ආසියාව




වර්ග කිලෝමීටර 4,490,000(වර්ග සැතපුම් 1,725,000) වපසරියක් ඇති උතුරු අක්ෂාංශ 50 38’’  සහ නැගෙනහිර දේශාංශ 620  90  පිහිටා ඇත.සමස්ත දකුණු ආසියාවේම ජනගහනය බිලියන 1.8 පමණ ආසියානු කලාපය තුළම ඇති තවත් එක් භූගෝලීය කලාපයකි.කලාපය තුළ ඉන්දියාව,පාකිස්ථානය,ශ්‍රී ලංකාව,නේපාලය,භූතානය,මාලදිවයින,බංගලාදේශය සහ අළුතින් එක් වූ ඇෆ්ගනිස්ථානයද වශයෙන් වෙන්ව පිහිටා ඇති ලොකු කුඩා රටවල් 08කි.මෙම රටවල් දේශගුණය,භූ විෂමතාවය,ජනගහනය,ආර්ථික වර්ධන වේගය,ඒක පුද්ගල ආදායම,සංස්කෘතිය,සාක්ෂරතාවය,හමුදා ශක්තිය ආදී නොයෙකුත් අංශයන් හෝ අධික ලෙස විවිධත්වයක් මෙන්ම විෂමතාවයක්ද උසුලයි.එමෙන්ම විශාල වපසරියක් තුළ විහිදී ඇති මෙම භූගෝලීය කලාපය තුළ නොයෙකුත් ආකාරයේ ස්වාභාවික සම්පත් පිරී පවතියි.එමෙන්ම මෙම කලාපයටම ආවේණික වූ සංස්කෘතික ලක්ෂණ වලින්ද යුක්ත වෙයි.
ඉහතින් සඳහන් කරන ලද උතුරු අක්ෂාංශ 50 38උතුරේ සිට දකුණටත් නැගෙනහිර දේශාංශ 620 90 නැගෙනහිර සිට බස්නාහිරටත් විහිදී ඇති මෙම ප්‍රදේශය තුළ විශාල භූගෝලීය කොටස් කිහිපයක් දැකිය හැකිය.


  1. හිමාලයා කඳුපන්තිය.
  2.  කඳුකර ප්‍රදේශයේ දකුණු කොට්ඨාශයට අයත් උස කඳුවැටි සානු සහ නිම්න තීරය.
  3.  ඊට දකුණින් බටහිර සිට නැගෙනහිරට විහිදෙන විශාල තැනි ප්‍රදේශය සහ ඉන් දකුණට නෙරා ඇති  සමද්වීපාද ත්‍රිකෝණාකාර සාන්ද්‍රණයකින්ද මේ භූගෝලීය ප්‍රදේශය සමන්විත වෙයි.එමෙන්ම ඊට නුදුරින් පිහිටා ඇති දිවයින්ද මේ විශාල භූගෝලීය ප්‍රදේශයට අයත් වේ.
එක් භූගෝලීය කලාපයක් වශයෙන් ඇති දකුණු ආසියා කලාපය හිමාලයා කඳුවැටිය තුළින් වෙන් වෙන් රාජ්‍යයන්ගේ දේශ සීමාව වනු ඇත.සමස්තයක් වශයෙන් එක් භූගෝලීය කලාපයක් වූවද මෙම රාජ්‍යයන් අතර නිශ්චිතවම සමාන කළ හැකි නිර්ණායකද නොමැති තරම්ය.එනම් මූලික සමානකම් තිබුණත් පැහැදිලි නිර්ණායකයන් ආශ්‍රයෙන් වෙන් කර ගැනීම දුෂ්කරය

වළගම්බා රජතුමා ක්‍රි.පූ.103 - ක්‍රි.පූ.77 දක්වා අගනගරය - අනුරාධපුර   ශ්‍රී ලංකාව එක්සේසත් කළ විහාරමහාදේවි පරපුරෙන් පැවත එන රජ පෙළපත...